Ad Widget
Ad Widget

2025 / 05 /30

තිලක් කරුණාරත්න මහතා

විධායක අධ්‍යක්ෂ

DevPro Guarantee Limited

ව්‍යාපෘතිය –  Promoting business opportunities and industry linkages through capacity building and networking among micro, small, and medium-scale women entrepreneurs

ඉහත ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංක 06 යටතේ දක්වා ඇති ‘ජාලකරණය සහ අන්තර් ආයතනික යාන්ත්‍රණය සංවර්ධනය කිරීම තුළින් කාන්තා ව්‍යවසායකයින්ගේ ධාරිතා ගොඩනැගීම / Capacity Building of Women Entrepreneurs through Networking and Developing Inter-Instittional Mechanism ‘ නම් වැඩසටහන අපේක්ෂිත පරිදි 2025 මැයි මාසයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

ඊට මූලික හේතුව වූයේ අදාළ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිතව සිටි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගෙන් දිනයක් ලබා ගැනීමට නොහැකි වීමය.

අදාළ වැඩසටහන 2025 ජූනි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ද පූර්ණ සහයෝගය ලබා දෙන මෙන් අප විසින් ලිඛිත ඉල්ලීමක් ද කර ඇත. (අදාළ ලිපිය මේ සමඟ අමුණා ඇත)

මෙම පසුබිම තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට 2025 ජූනි මස 30 වැනි දින දක්වා කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින අතර අදාළ මූල්‍ය ප්‍රතිපාදන මත සියලු ක්‍රියාකාරකම් ඉටුකරන බව ද සඳහන් කරමි.

මහාචාර්ය ඒ.එල්. සන්දික

අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී

Related Posts

Ad Widget

Leave a Reply

Your email address will not be published. Required fields are marked *